එම් එච් 370 ගිනිගත් බවට සාක්ෂි නෑ

අතුරුදන්වූ එම් එච් 370 යානය විනාශවීමට පෙර ගිනි ගෙන ඇති බවට පලවන වාර්තා ඔස්ටේ්‍රලියානු විශේෂඥයින් විසින් ප්‍රතික්ෂේප කර තිඛෙනවා.
යානයේ බවට සැලකෙන ගුවන් යානා සුන්බුන් කොටස් කිහිපයක් සාක්ෂි වශයෙන් පෙන්වමිනුයි තවත් විශේෂඥයින් පිරිසක් යානය ගිනිගත් බවට තර්ක කර තිබුණේ. එහෙත් අදාළ සුන් බුන් පරීක්ෂා කළ විශේෂඥයින් පවසන්නේ ඒ පිළිබද සැක කළ හැකි වුවද එය තහවුරු කිරීමට හැකි සාක්ෂි ලැබී නොමැති බවයි.
අදාළ සුන්බුන් වල පවතින පිළිස්සුම් ලක්ෂණ මැඩගස්කරය ආසන්න මුහුදු කලාපයේ පවතින උෂ්ණත්වය හේතුවෙන් සිදුවූවක් බවටයි ඔවුන් තර්ක කරන්නේ. 2014 වසරේ මාර්තු මාසයේදී මගීන් 239 දෙනකු සහිතව එම් එච් 370 යානය අතුරුදන් වුණා.
යානයට සිදුවූ දේ අදටත් අභිරහසක්.

ඔබගේ අදහස අපට කියන්න

Close