නැගණියගේ ජීවිත වන්දියට පෙම්වතා ළිඳේ ගිල්වා මැරූ සොයුරා කොටුවෙයි

අම්බලන්ගොඩ, කරිත්තකන්ද ප්‍රදේශයේදී පාසල් සිසුවියක් දුම්රියට පැනිමේන් පසු පෙම්වතා මිය යාමේ සිද්ධිය  සම්බන්ධයෙන් ඇයගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිසුවියගේ පෙම්වතා වන 17 හැවිරිදි සංකල්ප ප්‍රභාත් මධුෂංක ළිඳේ ගිලි මිය යාම ඝාතනයක් බවට මීටියාගොඩ පොලීසිය සිදුකළ විමර්ශනවලදී  තහුරු කර ගැනුනා.

ඒ අනූව වැඩි දුරටත් කළ පරික්ෂණ වලින් පසු සංකල්ප ප්‍රභාත්ගේ මණයට සැකපිට සිසුවියගේ සොහොයුරා ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  පසුගිය ජුනි 23 වැනි දා පාසල් සිසුවිය දුම්රියට බිලිවීමේ සිද්ධිය වාර්තා වුණා. මෙ අතර ජූනි 25 වැනි දින පෙම්වතාගේ සිරුර පාලු ලිදක තිබී හමුවුණා.  පෙම්වතාගේ මරණය දියේ ගිල්වා සිදුකළ බවට මරණයක් බවට පසු අනාවරණය වුවා.

සැකකරුට සහය දුන් ත්‍රිරෝද රථ රියදුරෙකු ද මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිසුවිය මිය ගිය අවස්ථාවේදී සැකකරු මාධ්‍යයට ප්‍රකාශ කළේ ඇයගේ පෙම්වතා විසින් සිය නැගණිය දුම්රියට තල්ලුකර පෙම්වතා පලායනු දුටු බවයි .  ඒ අනූව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වූ අතර පසුව මහේස්ත්‍රාත්වරයා හමුවේ එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close