පිට රට පැන්නූ සල්ලි හොයන්න සිංගප්පූරු මූල්‍ය බුද්ධි ඒකකයේ සහාය

ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී ලෙස ඉපයූ ධනය සැගවීම පිලිබඳ තොරතුරු හෙළිදරවු කරගැනීම සදහා සිංගප්පුරුවේ මුල්‍ය ඔත්තු සේවාවක සහය ලබාගැනීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කොට ඇතැයි තොරතුරු අනාවරණ වනවා. එලෙස සහය ලබාගැනීමට යන්නේ ‘ සැකකටයුතු ගනුදෙනු වාර්තාකිරීමේ කාර්යාලය’ නම් සිංගප්පුරු මුල්‍ය ඔත්තු සේවවෙනි . ඒ සදහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තබා ඇති බව වාර්තා වුණා.
පසුගිය සමයේ මෙරට තුල රුපියල් කෝටි 40,000 ක පමණ මූල්‍ය අපරාධ සිදුව ඇති බවටයි චෝදනා එල්ල කර ඇත්තේ. ඒ අතරින් රුපියල් කෝටි 5,000 කට අපමණ ආසන්න අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණවලදී තොරතුරු හෙලිවෙමින් ඇති බවද අදාළ වාර්තා සදහන් කළා.
මෙම මූලන‍ වංචා චෝදනාවන්ට ප්‍රමුඛ වශයෙන් ලක්ව සිටින්නේ පසුගිය රජයේ ප්‍රබලයන් හා ඔවුන්ට සමීප නිලදාරීන් හා ප්‍රකට ව්‍යාපාරිකයින් ඇතුලු පිරිසක්.

ඔබගේ අදහස අපට කියන්න

Close