ලංකාවේ දේශපාලනයේ ගරු පවුල් 3ක් නම් කෙරේ – රාජපක්ෂලා නැහැ ?

ලංකා ඉතිහාසයේ ගරු කටයුතු දේශපාලන පවුල් 3ක් පමණක් වන බව අමාත්‍ය සරත් අමුණුගම මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ ඉන්දික ගුණවර්ධන මහතා පිළිබද ශෝක ප්‍රකාශ යෝජනාවට එක්වෙමින්. මෙරට ජනතාවගේ දේපල සොරකම් නොකළ පවුල් 3ට ගුණවර්ධන පවුල , බණ්ඩාරණායක පවුල හා සේනානායක පවුල පමණක් ඇතුලත් වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම පවුල්වල දේශපාලනඥයන් විදෙස් රටවල දේපල අත්පත් කරගත් පුද්ගලයින් නොවන බවද අමාත්‍යවරයා සදහන් කළා. මෙහිදී රාජපක්ෂ පවුල ඒ අතරට ඇතුලත් නොකිරීම විශේෂත්වයක් වුණා. මේ එම හඩපටයයි.

ඔබගේ අදහස අපට කියන්න

Close