උපාලි තෙන්නකෝන්ට පහරදුන්දා සැකකරු කොහුවල ඉදලා

දිවයින සහ රිවිර පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඒ මහතාගේ බිරිඳට ප්‍රහාරයක්‌ එල්ලවූ 2009 වර්ෂයේ ජනවාරි 23 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරු කොහුවල ප්‍රදේශයේ සිටි බවට දුරකථන විශ්ලේෂණවලින් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂකසුගත් කුමාර මහතා වැඩිදුර වාර්තාවක්‌ මගින් අධිකරණයට කරුණු දක්වා තිඛෙනවා.

ගම්පහ ඉඹුල්aගොඩ ප්‍රදේශයේදී එම පහරදීමේ නඩුව ඊයේ ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් කාවින්ද්‍ර නානායක්‌කාර මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්‌ථාවේ සැකකරුගේ ජංගම දුරකථනයේ විශ්ලේෂණ වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු විසින් අධිකරණයට වාර්තා කරනු ලැබුවා.

විශ්ලේෂණ වාර්තා ලබා දුන් ජංගම දුරකථනය සැකකරුට යුද හමුදාවෙන් ලබාදී තිබූ එකක්‌ බවත් සැකකරු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ ප්‍රධාන සාක්‍ෂිකරුවකු පැහැර ගෙන ගොස්‌ පහරදීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බවත් අධිකරණයේදී සදහන් කළා.

සැකකරුගේ ඡායාරූපයක්‌, වෙබ් අඩවියක පළ වීම සම්බන්ධව පරීක්‍ෂණ සිදු කළ බව පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම වෙබ් අඩවිය සඳරුවන් සේනාධීර නමැති අයකු බ්‍රිතාන්‍ය රටේ සිට මෙහෙයවන බවයි ප්‍රකාශ කළේ.

ලංකා ඊ නිව්ස්‌ ඩොට්‌ කොම්” නමැති එම වෙබ් අඩවිය පවත්වා ගෙන යන අය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇත්තෙක්‌ ද, ශී ්‍රලංකා පුරවැසියෙක්‌ද, එසේ නොමැති නම් සරණාගතයෙක්‌ද යන්න විමර්ශනය කර වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය පැමිණිලිකාර උපාලි තෙන්නකෝන් යන අයගේ වෛද්‍ය වාර්තාව ලබන 30 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කරනු ලැබුවා.

නලින්ද ඉන්දතිස්‌ස සහ සුරේස්‌ කාරියවසම් යන නීතිඥවරුන් සැකකාර හිටපු යුද හමුදා බුද්ධි අංශ මාණ්‌ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම යන අය වෙනුවෙන් පෙනීසිටි අතර සැකකරු ලබන 30 දා දක්‌වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

ඔබගේ අදහස අපට කියන්න

Close