ට්‍රම්ප්ගේ නිරුවත් පිළිම උස්සලා

අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක ඩොනලිඩ් ට්‍රම්ප්ට අපහාසාත්මක පරිදි නිර්මාණය කර ඇති ඔහුගේ නිරුවත් ප්‍රතිමා මේ වන විට සොරකම් කරමින් පවතින බවට තොරතුරු වාර්තාවනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු ෆ්ලොරීඩා හී පිහිටුවා තිබූ එවන් එක් නිරුවත් පිළිමයක් මෙසේ සොරකම් කර ඇති බවයි.
ට්‍රක් රථයකින් පැමිණි පිරිසක් එය පටවාගෙන පලා ගිය බවයි අනාවරණ වී ඇත්තේ.
අදාළ රථයේ අංකය අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විිමර්ෂණ අරඹා තිඛෙනවා.
එම ට්‍රක් රථයේ අංකය අනුව සිදුකළ පරීක්ෂනවලදී හෙළිව ඇත්තේ මෙම සොරකම සදහා අවසරයකින් තොරව කිසියම් පිරිසක් විසින් එම රථය භාවිතා කර ඇති බවයි.
ඉකුත් සතියේදී නිව් ජර්සි හා ලාස් වාගේස් හීදීද ට්‍රම්ප් මහතාගේ නිරුවත් පිළිම මෙසේ පැහැරගෙන ගොස් තිබුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close