තාජුඩීන් ඝාතනය කළේ ලසන්ත මැරූ අවියෙන්දැයි සැකයක්

වසර හතකට පෙර දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ ‘සන්ඩේ ලීඩර්’ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරනු ලැබුවේ හඬ නිකුත් වන ගිනි අවියකින්ද නැතහොත් ස්ප්‍රිං එකකින් නිකුත් වන උල් උණ්ඩයක් සහිත නිහඬ ගිනි අවියකින්ද යන්න සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.

ඒ සම්බන්ධයෙන් මතුවී ඇති වෛද්‍ය මතවාද දෙකක් පිළිබඳ ස්ථීර නිගමනයකට ඒම සඳහා අධිකරණ නියෝග මත ලබන 27 දින ලසන්ත වික්‍රමතුංග මහතාගේ මළ සිරුර යළි ගොඩගැනීමට නියමිතය. පසුගිය 3 දින සිට දින 24ක් තිස්සේ බොරැල්ල සුසාන භූමියේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර මිහිදන් කළ ස්ථානයට බොරැල්ල පොලිසිය මඟින් විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිඛෙනවා.

පසුගිය රජය සමයේ ස්ප්‍රිං සහිත අවි අටක් ජර්මනියේ සිට මෙරටට ගෙනැවිත් ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද රහස් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියක් අනාවරණ කළා.

එම අවි පාවිච්චි කරන ලද්දේ කිනම් ආරක්ෂක ඒකකයකද යන්න ගැනද මේ දිනවල රහස් පොලිසිය කරුණු පරීක්ෂා කරගෙන යයි. මේ අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට යොදාගෙන ඇත්තේ ලසන්ත සොයා ගිය ස්ප්‍රිං සහිත අවියද යන්න ගැනද රහස් පොලිසියට සැක මතු වී තිබේ. ලබන 27 දින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ මළ සිරුර ගොඩගැනීමෙන් පසු වසර හතක් තිස්සේ සැඟවී ඇති එම අබිරහස් සිද්ධියට අදාළ පරීක්ෂණ අලුත් මඟක් ගනු ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.(MWB)

ඔබගේ අදහස අපට කියන්න

Close