පලමු විස්සයි විස්සේ ජය පකිස්ථානයට

ඩුබායි හී දී කොදෙව් පිල සමග පැවැති පලමු 20 යි 20 තරගය පහසුවෙන් ජය ගැනීමට පාකිස්ථානය ඊයේ සමත් වුණා.
ඒ කඩුලු 9 කින් කොදෙව්වන් පරදවමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානයේ ඇරයුමෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 19 යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 115 ක් ලබාගත්තා. කොදෙව් පිලේ මුල් කඩුලු 8 ම ලකුණු 48 කදී බිද වැටීම විශේෂත්වයක්.
එහිදී ඩෙවොන් බ්‍රාවෝ ලකුණු 55යි. ඉමාඩ් වසීම් කඩුලු 5යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 14 යි පන්දු 2කදී සියලු දෙනා දැවී ලකුණ1 116 ක් ලබාගත්තා.
බාබර් අසාම් ලකුණු 55 යි.

ඔබගේ අදහස අපට කියන්න

Close