ෆේස් බුක් භාවිතා කළ කෝටි 03ක් මිය ගිහින්

ෆේස් බුක් සමාජ ජාලය ලොව ප්‍රබලතම හා ශක්තිමත්ම මෙන්ම සාර්ථකම සමාජ ජාලය බව පැවසීම වරදක් නොවේ.
ඒ හේතුවෙන් අද ලොව පුරා කෝටි 150 ක පිරිසක් ෆේස් බුක් ගිණුමකට හිමිකම් කියනු ලබනවා.
එසේම ෆේස් බුක් ගිණුම සදහා දිනපතා අනිවාර්්‍යයෙන්ම සම්බන්ධ වන පිරිස ලෝක ජනගහණයෙන් කෝටි 115 ක් ලෙසයි ෆේස් බුක් සමාගම අනාවරණ කර ඇත්තේ.
2004 වසරේ ආරම්භ කළ ෆේස් බුක් සමාජ ජාලය භාවිතා කළ පුද්ගලයින් කෝටි 4 කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි පැවසුවහොත් එය ඇතැම්විට ඔබට විශ්වාස කිරීමට අපහසු කරුණක් වන්නට පුළුවන.
එහෙත් එය අසත්‍ය්‍යක් නොව ප්‍රකට සත්‍යක්.
ෆේස් බුක් ගිණුම් භාවිතා කරන්නන් අතරින් 428 දෙනකු පැයක් තුල මිය යන බවත් දිනකට ෆේස් බුක් ගිණුම් හිමියන් 10,273 ක් මිය යන බවත් තක්සේරු කර තිඛෙනවා.
ඒ අනුව මසකදී මරණයට පත්වන ෆේස් බුක් ගිණුම් හිමියන්ගේ ගණන312,500ක් තරම් ඉහල අගයක් ගනු ලබනවා.
මෙම මරණ අනුපාතය හේතුවෙන් 2065 වසර වන විට ලෝකයේ ෆේස් බුක් ගිණුම් හිමියන් ගණණට වඩා ෆේස් බුක් භාවිතා කළ මිය ගිය පිරිසේ ප්‍රමාණය වැඩි වන බවයි පෙන්වාදී ඇත්තේ. ඒ අනුව 2065 වන විට ලෝකයේ විශාලතම අවමංගල සිහිවටන එකතුව ෆේස් බුක් සතුවනු ඇති බවද එහි සදහන්. ඒ අදාළ දත්ත මකා නොදමා පවත්වාගෙන යාමට ෆේස් බුක් ආයතනය තීරණය කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත් ට්විටර් සමාජ ජාලය මෙම තත්ත්වයට විකල්පයක් හදුන්වාදී තිඛෙනවා. ඒ මාස 6ක් අක්‍රිය සියලු ට්විටර් ගිණුම් අක්‍රීය කිරීමයි.
එහෙත් ෆේස් බුක් තුල එය සිදුවන්නේ නැහැ.
මෙසේ ෆේස් බුක් ගිණුම් හිමියන් මිය යාමේ සිද්ධීන් අතරට ෆේස් බුක් මුල් කර ගනිමින්ම සිදුවන මරණ සංඛ්‍යාවද සැලකිය යුතු පරිදි එක්වෙමින් පවතිනවා. ෆේස් බුක් හරහා ඇති වන සබදතා බිද වැටීමේ සිද්ධීන් / ඒ හරහා සිදුකරන අපරාධ ආදිය හේතුවෙන් අදාළ මර්ණ වාර්තාවන බවයි පර්යේෂකයින් කන්ඩායමක් අනාවරණ කර ඇත්තේ.

fb-died

ඔබගේ අදහස අපට කියන්න

Close