උතුරු කොරියාව අමෙරිකාවේ හොදම ප්‍රහාරක යානා තනයි

අමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාව සමත්ව තිඛෙනවා . ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළේ ඊට සමාන අනුරුවක් සාර්ථකව පියාසර කරවීමට උතුරු කොරියාව සමත්ව ඇති බවයි. එම යානය උතුරු කොරියාවේ කල්මා ගුවන් තොටුපලෙන්පියාසැරිය ආරම්භ කර ඇති බවද අදාළ වාර්තාවල දැක්වෙනවා.
මෙහිදී චීනයේ නිෂ්පාදිත ජේ 10 වර්ගයේ ප්‍රහාරක යානයක අනුරුවක්ද ගුවන් ගත කර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ. ලොව පවතින දියුණුම ප්‍රහාරක යානා නිෂ්පාදනය කිරීමේ හැකියාවද උතුරු කොරියාව සතු බවයි මෙමගින් පෙන්නුම් කර ඇත්තේ. එය ඉදිරියේදී ලෝකයට දැවැන්ත තර්ජනයක් විය හැකි බවටද මත පලව තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close