නව පක්ෂය එළිදකින දිනය බැසිල් හෙලිකරයි

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ පසු නව පක්ෂය පිහිටුවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
ඔහු පෙන්වාදෙන්නේ ආණ්ඩු විරෝධී ජාතික බලවේගයක් බිහිකිරීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බවයි.
කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සදහන් කළේ ලබන 8 වනදා රත්නපුරයේදී නව පක්ෂයේ කටයුතු ආරම්භ කරන බවයි.
ඊට අදාළව සකස් කරන ලද ප්‍රචාරක වීඩියෝවක්ද මේ වන විටත් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close