නියගය මේ මස අගින් අවසන් බවට අනාවැකි

දිස්ති‍්‍රක්ක ගණනාවකට බලපා ඇති වියළි කාලගුණය මේ මස අග දක්වා පැවැතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට. පවුල් දාහතර දහස් තුන්සිය හතළිස් අටක් එම දිස්ති‍්‍රක්කයේ පීඩාවට පත්ව සිටිනවා. අනුරාධපුර, වවුනියාව, යාපනය සහ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයට ද නියඟය බලපා ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. මේ හේතුවෙන් ප‍්‍රධාන ජලාශ රැසක ජල මට්ටම පහළ බැස තිබෙනවා. එම දිස්ති‍්‍රක්කවල ජනතාවට ජලය බෙදාහැරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර නියඟය සහිත ප‍්‍රදේශවල වන සතුන්ට කෘත‍්‍රිම ආහාර දීමෙන් වලකින්නැයි වනජිවි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම ආහාර දීමෙන් සතුන් ගම්වලට පැමිණෙන බවයි වනජිවි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් එස් කේ පතිරත්න මහතා පවසන්නෙ. පොලොන්නරුව ඇතුලු ප‍්‍රදේශ කිිහිපයක දැඩි වියලි කාලගුණයක් පවතිනවා. එම ප‍්‍රදේශවල වනසතුන් සදහා ජලය හා ආහාර ලබාදීමට පියවර ගෙන ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නෙ. සතුන් දඩයම් කිරීම ද ඉහල ගොස් තිබෙනවා. ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක‍්‍රියාත්මක කරන බවයි ඩබ්ලිව් එස් කේ පතිරත්න මහතා ප‍්‍රකාශ කළේ

ඔබගේ අදහස අපට කියන්න

Close