බන්දුලගේ වැට් ආරෝව අද එළිදකී

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචනා කරන  ලද “වැට් ආරෝව සහ වංචාසහගත දුර්නිරූපණ” නමැති කෘතිය  තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශාලාවේදී එළිදැක්වීමට නියමිතව තිඛෙනවා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සහභාගිවීමට නියමිතයි.

මෙහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශ්වනාත් අ‍පොන්සු හා තමන්  ඇතුළු කථිකයින් කිහිප දෙනකු දේශන පවත්වන බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.

එකතු කළ අගය මත බද්ද ,2002 වසරේ සිට 2016 සැප්තැම්බර් 09 වැනිදා ඉදිරිපත් කළ වැට් සංශෝධන පනත දක්වා වැට් බද්දට අදාළව සිදුවූ වෙනස්කම් /ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවලට අදාළ ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල වගන්ති වැට් බද්දට අදාළව ඉදිරිපත් වූ විද්වත් මත හා සංශෝධන අණපනත් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබගේ අදහස අපට කියන්න

Close