මන්ත්‍රී පියල්ට බඹර ප්‍රහාරයක්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතාට ඊයේ පස්වරුවේ බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

නුවරඑළිය සෙන්පති මැදුරේදී මේ බඹර ප්‍රහාරය එල්ල වි ඇත්තේ මන්ත්‍රිවරයා ඔහුගේ පවුලේ සමාජිකයන් සහ තවත් කිහිපදෙනෙකු සමඟ නුවරඑළියේ සති අන්තයේ චාරිකාවක නිරත වු අවස්ථාවේදීයි.

සෙන්පති මැදුර, පාර්ලිමේන්තු මැති ඇමතිවරු සඳහා නුවරඑළියේ ඉදිකර ඇති නිවාඩු නිකේතනයක් .

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close