යොවුන් ක්‍රීඩා උළෙලේ ගම්පහ ඉදිරියෙන්- කොලඹ 2ට

28 වෙනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ පෙරමුණ ගැනීමට ගම්පහ දිස්ති‍්‍රක්කය සමත්වී සිටිනවා. ඒ ලකුණු 87 ක් ලබාගනිමින්. දෙවන ස්ථානයේ රැඳීසිටින කොළඹ දිස්ති‍්‍රක්කය ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 86 ක්. තුන්වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 68 ක් ලබාගත් කුරුණෑගල දිස්ති‍්‍රක්කය. ඊයේ (24) දිනයේ නව තරඟ වාර්තා දෙකක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සමත්වුණා. ඒ මීටර සියය හතර පිරිමි තරඟය සහ මීටර 400 කාන්තා තරඟවලදී. පාපන්්දු අවසන් මහා තරඟය ජයගැනීමට නුවර දිස්ති‍්‍රක්කය සමත්වුණා. වොලිබෝල් තරඟාවලියේ කාන්තා සහ පිරිමි ශූරතා දෙකම හිමිකර ගත්තේ කෑගල්ල දිස්ති‍්‍රක්කය.

ඔබගේ අදහස අපට කියන්න

Close