වීසා නොමැතිව ලාංකිකයින්ට යා හැකි රටවල් ලයිස්තුව මෙන්න

ලෝකයේ බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර හිමි රටවල් අතර පියවර 8කින් පෙරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි 2016 පාස්පෝර්ට් ඉන්ඩෙක්ස් දර්ශකය පවසනවා. එහිදී ශ්‍රී ලංකාවට මෙවර හිමිව ඇත්තේ 87 වන ස්ථානයයි. මේ අනුව රටවල් 39 කට කිසිදු විීසා පහසුකමක් ලබා ගැනීමකින් තොරව ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව පවතින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. එහෙත් දර්ශකයේ සමස්ථ අගයට අනුව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර ලයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 185 වන තැනයි. එය ලෝකයේ පහලම අගයන් අතරට සදහන්ව තිබීම කණගාටුවට කරුණක්. මීට සය මසකට පෙර නිකුත් කරන ලද ගමන් බලපත්‍ර පිළිබද දර්ශකයේදී මෙරටට 95 වන ස්ථානය හිමිවූ අතර නිදහස් වීසා පහසුකම් අතින් එම අවස්ථාවේදීත් රටවල් 39 කට කිසිදු විීසා පහසුකමක් ලබා ගැනීමකින් තොරව ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව තිබුණා. කෙසේ වෙතත් වසර ගණනාවක සිට මෙරට ගමන් බලපත්‍රය නම් කර ඇත්තේ ලෝකයේ අඩුම පිළිගැනීමක් සහිත විදෙස් ගමන් බලපත්‍ර සහිත රටක් ලෙසටයි. ලෝකයේ වැඩිම බලගතු විදෙස් ගමන් බලත්‍රය ලෙස ජර්මානු ගමන් බලපත්‍රය නම් කර ඇති අතර ස්වීඩනය දෙවන තැන පසුවනවා. ෆින්ලන්තය / ප්‍රංශය / ඉතාලිය / ස්පාඤ්ඤය හා එංගලන්තය එහි පසුවන්නේ 3න් වන තැනයි.

මේ වීසා ලබාගැනීමකින් තොරව ලාංකිකයින්ට ගමන් කළ හැකි රටවල් ලයිස්තුවයි.

මෙම දත්ත අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා වන බැවින් ඒවායේ යම් වෙනස්කම් තිඉිය හැකිය. අදාළ යම් රටක් පිළිබද තොරතුරු අවශ්‍ය වෙතොත් එම රටෙහි තානාපති කාර්යාල වෙබ් අඩවිය පරීක්ෂා කරන්න. 

බහමාස් – වීසා අනවශයයි – මාස 3
බාබඩෝස් – වීසා අනවශ්‍යයි – මාස 6
බොලිවියා – ගුවන් තොටුපල වීසා
බුරුන්ඩි – වීසා අනවශයයි – මාස 3
කේප් වර්ඩේ – ගුවන් තොටුපල වීසා
චීනය – දින 30
කොමරුස් – ගුවන් තොටුපල වීසා
ඩිජිබුට් – ගුවන් තොටුපල වීසා
ඩොමිනිකා – වීසා අනවශ්‍යයි – මාස 6
ඉක්වදෝරය – වීසා අනවශ්‍යයි – මාස 3
ගැම්බියා – වීසා අනවශයයි
ග්‍රෙනේඩා – වීසා අනවශ්‍යයි – මාස 3
ගිනි – බිසව් – ගුවන් තොටුපල වීසා
හයිටි – වීසා අනවශ්‍යයි – මාස 3
ඉරානය – වීසා අනවශ්‍යයි – මාස 1
මලාවි – වීසා අනවශ්‍යයි – මාස ලු
සෙන්ට් කිට්ස් හා නෙවිස් – වීසා අනවශ්‍යයි
සිංගප්පූරුව – වීසා අනවශ්‍යයි – දින 30 යි
වනාටු – වීසා අනවශ්‍යයි – දින 30 යි
අයර්ලන්තය – වීසා අවශ්‍යයි – ගාස්තු නිදහස්
කෙන්යාව – ගුවන් තොටුපල වීසා – මාස 3යි
මැඩගස්කරය – ගුවන් තොටුපල වීසා – මාස 3යි
මුරුටේනියා – ගුවන් තොටුපල වීසා
නාවුරු – ගුවන් තොටුපල වීසා
මාලදිවයින – ගුවන් තොටුපල වීසා – දින 30 යි
නේපාලය – ගුවන් තොටුපල වීසා – දින 90
පලාවු- ගුවන් තොටුපල වීසා – දින 30 යි
රුවන්ඩා – අන්තර්ජාල වීසා
ශාන්ත වින්සන්ට් දූපත්- මසක් නිදහස් වීසා
සැමෝවා- ගුවන් තොටුපල වීසා – දින 60
සාඕ ටොමේ- අන්තර්ජාල වීසා
සර්බියාව – දින 90ක් නිදහස්
ෂී ෂෙල්ස් – මසක් නිදහස්
සොලමන් දූපත්
සෝමාලියාව -ගුවන් තොටුපල වීසා – දින 30
ටිමෝරය – ගුවන් තොටුපල වීසා – දින 30 යි
ටෝගෝ – ගුවන් තොටුපල වීසා – දින 7
ටුවාලු – මාසයක් නිදහස්
උගන්ඩා – ගුවන් තොටුපල වීසා – දින 90
වියට්නාමය – අන්තර්ජාල වීසා

3 thoughts on “වීසා නොමැතිව ලාංකිකයින්ට යා හැකි රටවල් ලයිස්තුව මෙන්න

  • September 26, 2016 at 1:46 pm
    Permalink

    I dont believe this With out VISA how can I goto UK and what are the VISA required zones

    Reply
  • September 27, 2016 at 5:24 pm
    Permalink

    බොරැ මෙවා මලදිවයිනට විසා නැත්නම් ඇතුල්වෙන්නත් බ්ද්

    Reply
    • September 27, 2016 at 6:49 pm
      Permalink

      eka thamai Maldives – guwan thotupala visa kiyala sinhalenma dala thiyenne

      Reply

ඔබගේ අදහස අපට කියන්න

Close