සුදු සිංහයින් 4ක් උපත ලබයි

පෝලන්තයේ සත්වෝද්‍යානයක් තුළ දුර්ලභ ගණයේ සුදු සිංහ පැටව් සිව් දෙනකු උපත ලබා තිබෙනවා.  සිය පැටවුන් වෙත ළඟා වීමට සිංහ ධේනුව ඉඩ නොදීම හේතුවෙන් පැටවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීමට සත්වෝද්‍යාන බලධාරීන්ට මෙතෙක් නොහැකිවී ඇති බවයි ඬේලි මේල් පුවත්පත වාර්තා කරන්නේ.

උපත ලැබූ  එක් පැටවකු කිලෝ ග්‍රෑම් 01 ක් පමණ බරින් යුතු වන බවයි සත්වෝද්‍යාන පාලකයන් පවසන්නේ. දකුණු අප්‍රිකාව නිජබිම කරගත් සුදු සිංහයින් ලොව වේගවත්ම වදවීමක් සහිත සත්ත්ව කොට්ඨාශයක් වන අතර මේ වන විට එම සිංහයින් 100 කටත් වඩා අඩු ප්‍රමාණයක් ලොව පුරා වෙසෙන බවයි වාර්තාවන්නේ.

Photo: Facebook.com/ZOO SAFARI

ඔබගේ අදහස අපට කියන්න

Close