හෙල උරුමයේ සභාපති ධූරය වෙනස් වෙයි

ජාතික භෙළ උරුමයේ නිලධාරීමණ්ඩලයේ සංශෝධනයක් සිදුකර තිබෙනවා. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පැවති 13 වන පක්ෂ සම්මේලනයේදී. පක්ෂ නායකත්වය දැරූ පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ එම තනතුරෙන් ඉවත්වුණා. උන් වහන්සේ පක්ෂ උපදේශක මණ්ඩලය නියෝජනය කරන බවයි පක්ෂයේ නව සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සදහන් කළේ. නායකත්වය සදහා කිසිවෙකුත් පත්කර නැහැ. ඒ වෙනුවට නව සම සභාපතිවරුන් දෙදෙනෙකු පත්කිරීමටයි පක්ෂ සම්මේලනයේදී තීරණය වුණේ. කරුණාරත්න පරණවිතාන මහතාට අමතරව පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර ස්වාමීන් වහන්සේ එම තනතුරට තේරීපත්වී තිබෙනවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා භෙළ උරුමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. පක්ෂයේ නව නිලධාරී මණ්ඩලයට සහ සමුළුවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සුභාශිිංසන ද එක්කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close