ඝාතකයෝ බිය කරමින් සාක්ෂි දෙන්න ලසන්ත අද යළි ගොඩ එයි

පසුගිය පාලන සමයේදී ඝාතනයට ලක් වූ ‘දි සන්ඬේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ දේහය අද යළි ගොඩගෙන  නැවත  පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිඛෙනවා.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතා පසුගියදා එම අවසරය ලබාදුන්නා.

වික්‍රමතුංග දේහය පිළිබඳව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණය සැක සහිත බවට කරුණු 21ක් පවත්නා බව අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයක් අධිකරණයට කරුණු වාර්තා කළේ.

ඒ අනුව, බොරැල්ල කනත්තේ මිහිදන් කර ඇති දේහය අද පෙරවරු 8.00 ට අලුත්කඬේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොඩ ගැනීමට නියමිතයි.

2009 ජනවාරි මස 08 වැනිදා අත්තිඩිය මලගල පාසල ඉදිරිපිට කාර් රථයකින් ගමන් කරමින් සිටි සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත මනිලාල් වික්‍රමතුංග මහතාට ද යතුරුපැදි මැර කණ්ඩායමක් විසින් සාහසික ප්‍රහාරයක් එල්ල කළේය. අවාසනාවකට වික්‍රමතුංග මහතා දැඩි ලෙස මරණීය තුවාලවලට ලක්වීමෙන් පසු මෙලොවින් සමුගත්තේ කළුබෝවිල මහ රෝහලේදීය.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනයට අදාළව ඝාතකයින් විසින් පරිහරණය කරන ලද ජංගම දුරකථන අංක 05ක් පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී තිබිණි. දුරකථන අංක 077847081#, 077847981#, 077847983#, 077847995#, 077847986# යන අංක පහ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වීමට මසකට පමණ පෙර ක්‍රියාකාරී තත්ත්වයක තිබී ඇති බවත්, එකී ජංගම දුරකථන පරිහරණය කරන ලද පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණ. එසේම, එම ජංගම දුරකථන භාවිත කළ තැනැත්තන් ලසන්ත වික්‍රමතුංග මහතා දෛනිකව ගමන් ගන්නා මාර්ග ඔස්සේ හඹාගොස් ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: