චිතගොන් සත්වෝද්‍යානයේ රාජකීය විවාහයක්

බංග්ලාදේශයේ චිතගොන් සත්වෝද්‍යානයේ පසුගියදා රාජකීය මංගල උත්සවයක් පැවැත්වුණා.
ඒ රාජකීය යුවලකගේ නම් නොවෙයි.
කැලේ රජා ලෙසින් සැලකෙන සිංහයින් යුවලකගේ විවාහයක් මුල් කර ගනිමිනුයි මෙම උත්සවය පැවැත්වුණේ.
චිතගොන් සත්වෝද්‍යානයේ වාසය කරන සිංහ ධේනුවක් මෙසේ විවාහ කර දෙනු ලැබුවේ රන්ග්පූර් සත්වෝද්‍යානයෙන් ගෙන එන ලද සිංහයකුටයි. මෙම සිංහ යුවලගේ විවාහය සදහා අමුත්තන් 400 ක් කැදවනු ලැබ තිබුණා.
මස් හා වෙනත් ආහාර මුසුකරමින් තනා තිබූ හදවතක හැඩය ගත් කේක් එකක්ද මෙම යුවල වෙනුවෙන් පිරිනැමුණා.
මෙම මංගල උත්සවය වෙනුවෙන් චිතගොන් සත්වෝද්‍යානයද උත්සවශ්‍රීයෙන් පිරී තිබූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.


lion, bangladesh, bangladesh zoo, chittagong, chittagong zoo, chittagong zoo lion wedding, bangladesh zoo lion wedding, lion wedding party, bangladesh lion wedding party, chittagong zoo lion wedding party, wedding, bangladesh news, latest news, trending news, viral news

ඔබගේ අදහස අපට කියන්න

Close