ප්‍රභාකරන් ඝාතනය වුණේ කර්නල් රවිප්‍රියගේ මෙහෙයුමෙන් – ෆොන්සේකා කියයි

එල්ටිටීඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඩියර් රවිප‍්‍රිය මහතා යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිඛෙනවා.

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට සේනාංකයක් බාර දුන්නේ තමා බවත් එය 2009 ජනවාරි සිට මාර්තු වනතෙක් මෙහෙය වූ බවත් පසුව එම සේනාංකයේ බලසේනා 3න් දෙකක් ආපසු වෙන්කර බ්‍රිගේඩියර් රවීප්‍රිය මහතා යටතේ කාර්ය සාධක බලකායක් නිර්මාණය කළ බවත් ඔහු පෙන්වා දෙනවා.

ප්‍රභාකරන්ට පහර දුන්නේ එම කාර්යා සාධක බලකාය විසින් බවද එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට අවශ්‍ය ආකාරයෙන් නොවන බවයි ෆීල්ඩ් මාර්ෂල්වරයා අවධාරණය කරන්නේ.

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට විරුද්ධව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංකයක් බාර දෙනු ලැබුවේද තමන් විසින් බව සරත් ෆොන්සේකා මහතා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා.

අවසන් සටනේදී ප්‍රභාකරන්ට පහරදී ප්‍රභාකරන්ගේ දේහය  සොයා ගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කර අණදීම සිදු කළේ බ්‍රිගේඩියර් රවීප්‍රිය මහතා යටතේ ඇති කාර්ය සාධක බලකා අට විසින් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා.

ඔබගේ අදහස අපට කියන්න

Close