කෝටි 16 ක රෝල්ස් රොයිස් රථයක් ලංකාවට ගෙනත්

මෙතෙක් මෙරටට ගෙන්වූ මිල අධිකම මෝටර් රථය ගෙන්වීමට කොළම සංඝරාජ මාවතේ ව්‍යාපාරිකයෙකු සමත්ව තිබෙනවා. රේගු ආරංචි මාර්ග පවසන්නේ මෙම රොල්ස් රෙයිස් සුඛෝපභෝගී මෝටර් රථය රුපියල් මිලියන 158 ක් පමණ වන බවයි.

අදාල ව්‍යාපාරිකයා විසින් ඊයේ (26) මිට රොල්ස් රොයිස් මෝටර් රථය රේගුවෙන් නිදහස් කරගෙන ඇති අතර ඒ සඳහා ගෙවා ඇති තීරුබදු මුදල රුපියල් මිලියන 93 කි.
සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත මෙම මෝටර් රථය දොර දෙකකින් පමණක් සමන්විත වේ. එංගලන්තයේ ගුඩ්වුඩ්හි නිෂ්පාදිත මෙම මෝටර් රථය ටොන් 2.5 ක බරින් යුක්ත බවයි වාර්තා වන්නේ.(LNW)

ඔබගේ අදහස අපට කියන්න

Close