බොරැල්ල කනත්තේ ඩ්‍රෝණ යානයක් යැවූ පුද්ගලයින් හෙළිවේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය අද යළි ගොඩගන්නා අවස්ථාවේදී බොරැල්ල පොදු සුසාන භූමියට ඉහලින් වීඩියෝ දර්ශන ලබා ගන්නා ඩ්‍රෝණ යානයක් යොමුකළ පිරිස් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙමින් පවතිනවා.
කොලම්බු ටෙලිග්‍රාෆ් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ සියල්ලන්ටම ඉහලින් සැරිසරනා බව කියන මාධ්‍ය ආයතනයක් විසින් මෙම ඩ්‍රෝණ යානය පියාසර කරවා ඇති බවයි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය යළි ගොඩගන්නා අවස්ථාවේදී එය මාධ්‍ය ඉදිරියේ සිදු නොකරන ලෙස වික්‍රමතුංග මහතාගේ පවුලේ ඥාතීන් අදාළ නිලදාරීන්ගෙන් කාරුණික ඉල්ලීමක් සිදුකර තිබුණා.
එය වඩාත් සාධාරණ ඉල්ලීමක් මෙන්ම ඒ සදහා ඔවුන්ට අයිතියක් ඇති බවත් අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
එවන් තත්ත්වයක් තුල මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරමින් මළ සිරුරකින් පවා වාසියක් අත් කර ගැනීමට මෙවන් මාධ්‍ය කටයුතු කිරීම අතිශය අමානුෂික හා මාධ්‍ය සදාචාරය කඩකිරීමකි.
සියල්ලන්ටම ඉහලින් සිටිය හැක්කේ මෙවන් ක්‍රියාවන්ගෙන් නොව මාධ්‍ය ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමෙන් බව සාමාන්‍ය ජනතාව පවා අවබෝධ කර ගනු ඇත.
මෙම අවස්තාවේදී මාධ්‍යයට බාධා කිරීමට අධිකරණ නියෝගයක් ලබාගෙන නොමැති වුවද වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ ඉල්ලීමට ගරු කිරීම සියලුම මාධ්‍ය ආයතනවල යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.
එසේ නොමැතිව මාධ්‍ය වෘත්තීයේ ගරුත්වය කඩ කරමින් කටයුතු කරන අමානුෂික මාධ්‍ය මුදලාලිලාට කෙදිනක හෝ ඒ පව් ඇස් පනාපිට පළ දෙන බව දැනට හෝ සිදුව ඇති දෙයින් පාඩම් උගත යුතුව පවතී.

මේ ආකාරයක මාධ්‍ය හැසිරීමක් දිගින් දිගිටම සිදුවන්නේ නම් මාධ්‍ය නියාමනයක් කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාවයද රජය වහා අවබෝධ කර ගත යුතු බව මෙසේ සදහන් තබනු කැමැත්තෙමු.

One thought on “බොරැල්ල කනත්තේ ඩ්‍රෝණ යානයක් යැවූ පුද්ගලයින් හෙළිවේ

  • September 28, 2016 at 12:15 pm
    Permalink

    The Police should have shot it down .Why cant the police find out who sent it .

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close