ලසන්ත වික්‍රමතුංග දේශය ගොඩගන්නා අවස්ථාවේ සැකකටයුතු ඩ්‍රෝණ යානයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු මේවන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙමින් පවතිනවා.

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා ලබාදුන් නියෝගයක් මතයි.
වික්‍රමතුංග මහතාගේ මරණ පරීක්ෂණයට අදාළව ගැටලු 21ක් පවතින බැවින් යළි මරණ පරීක්ෂනයක් පැවැත්වීම සදහායි මෙසේ දේහය ගොඩගනු ලබන්නේ.

මේ අතර කොළඹ සුසාන භූමියේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය මිහිදන් කළ සොහොනට උඩින් ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂන ආරම්භ කර තිඛෙනවා.

ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවයි අදාල වාර්තාවල දැක්වෙන්නේ.

සුසාන භූමියේ වැටෙන් එහා සිටින මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දිව ආවද ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත.

මේ පිළිබද තොරතුරු බලාපොරොත්තු වන්න.

ඔබගේ අදහස අපට කියන්න

Close