ෆොන්සේකා කිව්වේ ඇත්ත – බන්දුල රණවිරුවන් විකුණන බවට අජිත්ගෙන් චෝදනා

“බන්දුල ගුණවර්ධනලා මේ තරම් මිනිස්සු අන්දන්නේ ඇයි? ” යනුවෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කර සිටියා.

පළායාමට උත්සාහ කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සාමාජිකයාගේ පවුලේ අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන්නැයි හිටපු යුද හමුදා මේජර් විමල් වික්‍රමගේට අධිකරණයෙන් නියම කළ පසු එම මුදල එක්රැස් කර ගැනීමට තමන් මුල්වීමෙන් පසු සිදුව ඇති අකටයුතුකම් ගැන දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සදහන් කළේ.

එකී ලක්ෂ 20 මුදල ජනතාවගෙන් එක්රැස් කිරීම මුහුණුපොතේ සටහන් තබමින් ආරම්භ කළේ තමා බවත්, තමන්ගේ නමට එම ගිණුම ආරම්භ කිරීමට හැකියාව තිබියදී එම රණවිරුවාගේ ගිණුමකටම මුදල් එකතු කළේ එය විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට බවත්, ඔහු සදහන් කළා.

කෙසේ වුවද අදාළ රුපියල් ලක්ෂ 20ක මුදල එකතු වීමෙන් පසු බන්දුල ගුණවර්ධනත් රණවිරුවා වෙනුවෙන් යැයි කියමින් හෝමාගමදී  මුදල් එකතු කිරීම ආරම්භ කළ බවයි සිදුවිය හැකි බවයි අවධාරණය කළේ.

අවශ්‍ය මුදල ඒකරාශි වූ පසු තවදුරටත් මුදල් එකතු කරන්නේ මන්ද යන්නත්, බන්දුල ගුණවර්ධන වැනි අය මීට සම්බන්ධ වූයේ මෙම වැඩසටහන ආරම්භ කර දින ගණනක් ගිය පසු බවත්, පැවසූ අජිත් ප්‍රසන්න මහතා රණවිරුවෝ නමින් තවදුරටත් මුදල් එකතු කිරීම තුළ වංචාවක් සිදුවිය හැකි බව කියා සිටියා.

ඒ අනූව යුතුකමක් ලෙස එම මුදල එකතු වූ බව  මුහුණුපො‍තේ සඳහන් කිරීමටත්,  එම වැඩසටහනට මුල්වූ අයෙකු ලෙස රුපියලක්වත් වංචා නොකිරීමටත් තමාට  වගකීමක් ඇති බවයි අජිත් ප්‍රසන්න මහතා කියා සිටියේ.

තමන් එකතු කළ මුදල එම රණවිරුවාට ලැබීමට සැලැස්වූ බවත්, ලක්ෂ 20 එකතු වූ පසු බන්දුල ගුණවර්ධනත් සල්ලි එකතු කිරීම තුළ සරත් ෆොන්සේකා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත් සමග තමාට සැකයක් මතුවූ බවද ඔහු කියා සිටියා.

රණවිරුවෝ නමින් කැටහොල්ලා ඒකාබද්ධ විපක්ෂය මුදල් ගසා කෑ හැකි බවට පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයක් අජිත් ප්‍රසන්න මහතා එහිදී මෙසේ සිහිපත් කලා.

ඔබගේ අදහස අපට කියන්න

Close