අගහරු මත මිනිස් ජනාවාස

මානව ජනාවාසයක් අගහරු ග්‍රහයා මත පිහිටුවීමේ අපේක්ෂාවෙන් කටයුතු කරමින් සිටින බව ස්පේස් එක්ස් වැඩසටහනේ ප්‍රධානී එලන් මස්ක් අනාවරණ කර තිඛෙනවා.
ඔහු මෙක්සිකෝවේදී පැවැති අභ්‍යාවකාශ සමුලුවකට එක්වෙමින් කියා සිටියේ විශ්වයේ මිනිස් ජනාවාස ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම දැවැන්ත පියවරට යොමුවන බවයි.
දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් වශයෙන් දියත් කෙරෙන මෙම වැඩසටහනට ඩොලර් බිලියන දහ දහස් ගණනක් වැය වනු ඇති බවත් තමන් ඊට සූදානම් බවත් ඔහු සදහන් කර තිඛෙනවා.
මෙහි පලමු අධියර ලෙස 2018 වසරේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් අභ්‍යාවකාශ යානයක් භාණ්ඩ මෙහෙයුමක් ලෙස අගහරු මතට යැවීමට නියමිතයි.
පෘථවියට කිලෝමීටර මිලියන 225ක් ඈතින් අගහරු පිහිටා තිඛෙනවා.
ඒ වෙත මිනිසුන් රැගත් පලමු යානය ලගාවන්නේ 2025 වසරේදීයි.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: