නන්දිකඩාල් චෝදනාවන්ට සරත් විජේසූරියගෙන් පිළිතුරු

මහාචාර්ය සරත් විජේසූරිය විසින් මේජර් ජනරාල් කමල් ගුණරත්න රචනා කර, එළිදැක්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ ග්‍රන්ථය සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ‘ෆෙස් බුක් ’ ඔස්සේ කරනු ලැබූ මඩ  ප්‍රචාරයන් සම්බන්ධයෙන් පිළිබදව මහාචාර්්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

“යුද්දෙට යන්න මටත් අවස්ථාවක් ලැබුණා නම් මම ඔයිට වඩා විකිණෙන පොතක් ලියනවා” යනුවෙන් මහාචාර්යවරයා ප්‍රකාශකල බව කියමිනුයි   මහාචාර්යවරයාව විවේචනය කර තිබුණේ..

අදාළ ලිපිය මේජර් ජනරාල් කමල් ගුණරත්න වෙත යොමු කර ඇති මහාචාර්යවරයා, එමගින් දක්වා ඇත්තේ තමන් මේජර්වරයාගේ පොත කියවා හෝ කිසිදු විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කර නොමැති බව යි.

එසේම තමන් සමබන්ධයෙන් ‘ෆේස්බුක්’ හෙවත් ‘මුහුණු පොත’ භාවිත කරමින් පල කළ ප්‍රචාර ‘ගරිල්ලා ප්‍රහාර’ වශයෙන් මහාචාර්යවරයා සිය ලියවිල්ලේ දක්වා තිබෙනවා.

Kamal Gunarathna Meedia 1

Kamal Gunarathna Meedia 2

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close