ලංකාවට තවත් කබඩි ලෝකඩ පදක්කමක්

වියට්නාමයේ දැන් පැවැත්වෙන පස්වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා කබඩි පිල ඊයේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ඒ සමගම මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනා සිටින පදක්කම් ගණන 2ක්.
පෙරේදා දිනයේදී පිරිමි බීච් කබඩි පිලද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

 පිරිමි අවසන් තරගය ලකුණු 25-23කින් ජයගත් ඉන්දියාව රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම පාකිස්තානයට හිමිවුණා.  කාන්තා අවසන් තරගය ලකුණු 43-31කින් ජයගත් ඉන්දියාව රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම තායිලන්තයට හිමිවුණා.

ලෝකඩ පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කබඩි පිලට සජිනි මනෝහරී, මාධවී විජේකොන්, මනෝජා ලක්මාලී, මධුෂානී චතුරිකා, මධුරිකා අලහකෝන් හා මෙතුසලා තිලක්ෂණී ඇතුළත්වූ අතර පිරිමි කණ්ඩායමට මිලින්ද අහංගම, චමින්ද සමරකෝන්, ළහිරු කුරුප්පු, කසුන් තේනුවර, රනිදු චාමර හා ඒ. එස්. ආර් රත්නායක ඇතුළත් වුණා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close