කොදෙව්වෝ තරග 3ම පරාදයි

අබුඩාබිහීදී පැවැති කොදෙව් පිලට එරෙහි 20 යි 20 තරගාවලිය 3ට 0 ක් ලෙස පහසුවෙන් ජය ලැබීමට පාකිස්ථානය සමත් වුණා.
ඒ ඊයේ පැවැති 3න් වන තරගයත් කඩුලු 8කින් ජය ලබමින්.
තරගයේ පමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් පිල පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 105 ක් ලබාගත්තා.
මාලන් සැමුවෙල් ලකුණු 42 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 15 යි එක් පන්දුවකදී එක් කඩුල්ලක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 108 ක්.
ෂොහෙබ් මලික් නොදැවී ලකුණු 43යි.
තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මානය පකිස්ථානයේ ඉමාඩ් වසීම් හිමිකර ගත්තා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close