ජයන්ත සමරවීර රිමාන්ඩ්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාහන අවභාවිත චෝදනාවකට අදළාව පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත  බන්ධනාගර ගත කර තිබෙනවා.

එම වාහන අවභාවිතයෙන් රජයට පනස් ලක්ෂ තිස්හතර දහසක අලාභයක් සිදුකිරීමයි මන්ත්‍රීවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතාව අද ප්‍රකාශයක් ලබා ගැනිමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුනා. එහිදි ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් පසු අත්අඩංගුවට ගැනුනා.

අද පස්වරුවේදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදි විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කලේ ගබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි.

ඔහු පසුගිය රජය සමයේ (2005 – 2010) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

ඔබගේ අදහස අපට කියන්න

Close