ඩේසි ආච්චිට මැණික් මල්ල ලැබුණු ඉඩම මිනුම් කර අවසන්

යෝෂිත රාජපක්ෂ මහතාට අයත් දෙහිවල මිහිදු මාවතේ පිහිටි නිවස සහිත ඉඩමේ මැනුම් කටයුතු අද සිදුකෙරුනා.  ඒ  ගල්කිස්ස අධිරකණයෙන් දුන් නියෝගයකට අනුවයි.පසුගිය 15 වනදා සිදුකිරීමට නියමිතව තිබුණා. එහෙත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලු පිරිස ඊට සහය නොදැක්වීම හේතුවෙන් එම කටයුතු අද සිදුකිරීමටයි අධිකරණය නියෝග කළේ. මේ අවස්ථාවට පාර්ලිමේන්ත මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සහභාගී වුණා. මැනුම් කටයුතු උදේ 9.00 පමණ ආරම්භ වු අතර එය අවසන් වි ඇත්තේ පස්වරු 1.30 පමණයි.

අද මැනුම් කටුයුතු වලට රජයේ මිනින්දෝරු අධිකාරි එන්. එම් හෙට්ටිආරච්චි මහත්මිය සහ රජයේ මිනින්දෝරු ඒ. එම්.ඩබ්ලිව්.වයි.පී.කේ. මාරලන්ද මහත්මිය සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නියෝජනය කරමින් පොලිස් පරික්ෂක සි.ඒ.පී. වීරරත්න මහතා සහභාගි වුවා. යෝෂිත රාජපක්ෂ මහතාගේ නිතිඥ ප්‍රේමනාත් සි. දොලවත්ත මහතා ද ඉඩම මැනුම් කිරිමේ අවස්ථාවට සහභාගිවි තිබෙනවා. ඉඩමේ මැනුම් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි

ගල්කිස්සේ පිහිටි මෙම ඉඩම සහිත නිවස රුපියල් මිලියන 24 වටිනා අතර එය ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් විසින් තෑගි කරණු ලැබුවක් ලෙසයි ලියාපංදි කර ඇත්තේ.

මෙහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ වත්මන් රජය සිදුකරන්නේ ඉඩම් මිනුම් කිරීම හා මිනි වලවල් හැරීම පමණක් බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close