තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර සමුළුව අද කොලඹදී ඇරඹෙයි

ලෝක තොරතුරු දැන ගැනීමේ දිනය සමරමින් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  ජයික් හිල්ටන් හෝටලයේදී අද ආරම්භ වනවා.
මෙහිදී ලෝකයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය, ජනමාධ්‍ය නියාමනය හා ජනමාධ්‍යයේ වර්තමාන තත්වය පිළිබදව සාකච්ජා කිරීමට නියමිතයි.
මෙම පනත කලාපයේ ඉහළ ගණයේ පනතක් බවත් මෙය ජනමාධ්‍ය ලැබු විශාල ජයග්‍රහණයක් බවත් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළා.
තොරතුරු කොමිසම කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේ.
මෙම සමුළුව සඳහා ලෝකයේ තොරතුරු දැන ගැනීම පිළිබඳ විශේෂඥයින් රැසක්ද සහභාගි වීමට නියමිතය.

ඔබගේ අදහස අපට කියන්න

Close