සාහසික වෙන්න එපා – වික්ටර් අයිවන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි

කැමරාවක් ගුවනට නංවා මාධ්‍ය‍වේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගන්නා අවස්ථාවේ දර්ශන ලබා ගැනීමට උත්සාහ දැරීම මාධ්‍ය සදාචාරයට එකඟ නොවන බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අවධාරණය කරනවා.

කෙනෙකුගේ පෞද්ගලිකත්වය හා බැඳුණු සිදුවීමක් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදියා ‘සාහසික නොවිය යුතු’ බවයි ඔහු කියා සිටින්නේ.

‘මේ වගේ කරුණු සම්බන්ධයෙන් රජයක් නීති පැනවිය යුතු නැහැ. නමුත් මාධ්‍යවේදීන් අතරම සම්ප්‍රදායන් ගොඩ නගා ගත යුතුයි.’

‘ලසන්ත වෙනුවට අපිට ඇට සැකිල්ලක් පෙන්නනවා නම් ඒක හොඳද? ඒක බලන එක හොඳද? ඒක ලසන්තට හොඳද?,’

මෙවැනි සංවේදී අවස්ථාවල සමාජයේ වගකිවයුතු වෘත්තිකයන් වශයෙන් ජනමාධ්‍යවේදීන් ‘සිහි බුද්ධියෙන්’ කටයුතු කළ යුතු බව ඔහු කර සිටියා.

ශ්‍රී ලංකාවේ වෘත්තිය සදාචාරය ‘අවුලකට පත් වීම’ මාධ්‍ය ක්ෂේත්‍ර‍යට පමණක් සීමා නොවන බවයි වික්ටර් අයිවන් මහතා පවසන්නේ.

‘ලංකාවේ වෛද්‍ය‍වරුන්ගේ සදාචාරය ගැන ලොකු අවුලක් තිබෙනවා. බදු ගෙවන්නන්ගේ ආයතනවල ලොකු සදාචාරාත්මක අවුලක් තිබෙනවා,’

‘ලංකාවේ තිබෙන ප්‍රශ්නයක් තමයි ඇතැම් නඩුකාරයන්ට, දේශපාලනඥයාට, මාධ්‍යවේදියාට වෘත්තීයවේදියකු හැටියට තමන්ගේ සමාජ කාර්යභාරය පිළිබඳ හැඟීමක් නැහැ, ඒ පිළිබඳ අර්ථකතනයකුත් නැහැ.'(BBC)

 

3 thoughts on “සාහසික වෙන්න එපා – වික්ටර් අයිවන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි

  • September 28, 2016 at 7:34 am
    Permalink

    ඔබවගේ අයගේ අදහස් වටින්නේ කියවන අපටමයි….ස්තුතියි

    Reply
    • September 28, 2016 at 10:13 pm
      Permalink

      Genius editor in Sri Lanka Victor Ivan

      Reply
  • September 28, 2016 at 2:44 pm
    Permalink

    Of course i agree with senior journalist Mr.Victor Ivan.This exhumation couse in me incredible pain and agony ,i do not know how some people compete with each other to take a shot despite familiy members of late Lasantha urged not to do so.How deep our moral degradation could be ?

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close