හෘද නිවේෂක වර්ජනයෙන් 15,000ක් ජීවිතයත් මරණයත් අතර සටනක

රජයේ රෝහල්වල හෘද සැත්කම් නතර කිරීම හේතුවෙන් පොරොත්තු ලේඛනවල රැඳී සිටින 15000කට අධික පිරිසකගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව තිඛෙනවා.
ගාල්ල කරාපිටිය රෝහ‍ලේ හෘද ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ප්‍රකාශ කළේ නිසි වේලාවට සැත්කම් සිදු නොකිරීම හේතුවෙන් රෝගීන් මරණයට පත්වීමේ ඇති අවධානම වැඩි බවයි.

හෘද නිවේෂකයන් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන්  ආරම්භ කළ  වැඩවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට මේ වන විට තීරණය කර තිඛෙනවා.

වෘත්තීය ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඊයේ  ආරම්භ කළ වැඩ වර්ජනය ගාල්ල කරාපිටිය, කොළඹ ජාතික රෝහල හා නුවර මහ රෝහල් තුළද ක්‍රියාත්මක වනු ඇති.

සෞඛ්‍ය බලධාරීන් සමග කළ සාකච්ඡාවලදී තමන්ට එකඟවිය හැකි පිළිතුරක් නොලැබුණු බවත් ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට කටයුතු කරන බැවින් වර්ජනය නතර කරන ලෙස සෞඛ්‍ය ‍ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ නමුත් ඒවා  පිළිගත නොහැකි බවත් හෘද නිවේෂකයින්ගේ සංගමය පෙන්වා දෙනවා.

අතිකාල දීමනා, වැටුප් විෂමතා, බාධක දීමනා, උසස් වීම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස මහනුවර මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල හා කොළඹ මහ රෝහ‍ලේ හෘද පෙණහලු නිවේෂකයන් වැඩවර්ජනයෙහි නිරත වූ අතර එලෙස වැඩවර්ජනයේ නිරත වන නිලධාරීන් ප්‍රමාණය 32කි.

සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ නිලධාරීන් ද මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත බව එම වෘත්තීය සංගමය රජයට අනතුරු හැඟවීමක් කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close