අගමැති අද නවසීළන්තයට

තෙදින නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නවසීලන්තය බලා අද පිටත්ව යනවා. ඒ නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ඇරියුමකට අනුව. මෙරට අග‍්‍රාමාත්‍යවරයෙක් නවසීලන්තයේ ද්වි පාර්ශවික සාකච්ඡා සඳහා සහභාගී වන පළමු අවස්ථාවයි මෙය. ලබන සෙනසුරාදා(01) ඕක්ලන්ඩ්හි නවසීලන්ත රාජ්‍ය මන්දිරයේදී නිල පිළිගැනීමේ උත්සවය පැවැත්වෙනවා. ඉන් අනතුරුව අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවලට එළඹෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. ඕක්ලන්ඩ් වයිකටෝ සහ වෙලිංටන් යන නගර ආශ‍්‍රිතව පැවැත්වෙන නිල ව්‍යාපාරික සහ ප‍්‍රජා ඉසව් රැසකට ද රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා දූත පිරිස සහභාගී වීමටයි නියමිතව තිබෙන්නේ. මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය ද නවසීලන්ත සංචාරය සඳහා සහභාගී වනවා. සාගල රත්නායක , හරීන් ප‍්‍රනාන්දු, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ද අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ සහ අතිරේක ලේකම් සමන් අතාවුදභෙට්ටි යන මහත්වරුන් ද සංචාරයට සහභාගී වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ඔබගේ අදහස අපට කියන්න

Close