ගාලු ක්‍රිකට් සභාපතිගේ ඝාතනයේ සීසී විී දර්ශන මාධ්‍යයට(Video)

ගාලු ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ව්‍යාපාරික හැලඔගේ ප්‍රේමසිරි මහතා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අද අලුයම බත්තරමුලේදී අත්අඩංගුවට ගැනුණා. ඝාතනයට භාවිත කළ අවි ආයුධ, දොඩන්දුව පින්කන්ද ආරච්චිවත්ත ප්‍රදේශයේ වසා දමා තිබූ නිවසකින් ඊයේ සොයාගනු ලැබුවා. හැලඹගේ මහතා සිය පුත්‍රයා සමග මෝටර් රථයකින් නිවස බලා යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූයේ ඉකුත් අගොස්තු 12 වනදායි. ආරක්ෂිත කැමරා දර්ශනවලට අනූව සැකකරුවෙකු ගාල්ලා කොටුව ප්‍රදේශීය පසුගිය 27 වැනි දා අත්අඩංගුවට ගැනුණා.  ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනයට යොදාගත් ටී.56 වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝලයක්, මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ 19ක් ඔහුට අයත් දොඩන්දූව නිවසින් සොයා ගෙන තිබෙනවා. අද අලුයම අත්අඩංගුවට ගත් අයෙක් සැකකරු හීනටිය වතුගෙදර පදිංචි 24 හැවිරිදි තරුණයෙක්. ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ ස්ථානයකින් කුලී පදනම මත ලබා ගත් එකක් බවයි, පැවසෙන්නේ.මේ සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශනයයි.

 

ඔබගේ අදහස අපට කියන්න

Close