දඹුල්ලේ ජඩයන් මග අවුරද්දී ගැබිණි මවක් ත්‍රීරෝධ රථයක දරුවා බිහි කරලා

විලි රුදාවෙන් සිටි ගැබිණි මවක් කඩිනමින් රෝහල ගත කිරීමට ත්‍රි රෝද රථයකින් රැගෙන් එමින් සිටියදී  දඹුල්ල නගරයේ ගොවි උද්ඝෝෂණයක නිරතව සිටි පිරිසක් ගමන් මග අවුරාලිම හේතුවෙන් එම ගැබිණි මව තීරෝධ රථය තුලදීම දියණියක ප්‍රසුත කළ බවට දඹූල්ල රෝහලේ වාර්තා පවසනවා.
එම පව 23 වන වියේ පසුවන්නියක වන අතර දරුවා ලැබීමට ආසන්න වීම හේතුවෙන් පවුලේ සාමාජිකයින් ඇය නිවසේ සිට තම සොහොයුරියක් සමග දරු ප්‍රසුතිය සදහා ත්‍රි රෝද රථයකින් දඹුල්ල රෝහල කරා පැමිණ තිබුණා. එහෙත් කෙටිම දුර තිබෙන දඹුල්ල. කණ්ඩලම මාර්ගයේ  පැමිණ ඇති ඔවුන්  කණ්ඩලම වැව  අසල  මාර්ගය වසා තිබීම නිසා  ගමන් මාර්ගය වෙනස් කර සිගිරිය හරහා දඹුල්ලට පැමිනීමටයි තීරණය කර තිබුණේ.
එම අවස්ථාවේ දේශීය ලොකු ලුණු ගොවි  විරෝධතාකරුවන් දඹුල්ල නගරයේ ගම් උදා භුමිය අසල මාර්ගයේ ගස් කොටන් දමා අවහිර කර තීබූ අතර  දරු ප්‍රසුතිය ආසන්නයේ සිටි කාන්තාව විලිරුදාවෙන් කෑ ගසමින් සිටියදී බිමත්ව සිටි විරෝධතාකරුවන් ගමන් මග ගමන් මග අවුරමින් අඛණ්ඩව බාධා සිදුකළ බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ සිවිල් ඇදුමින් සිටි ආරක්ෂක අංශ සාමාජිකයෙකු විරෝධතාකරුවන්ට පහර දී ත්‍රි රෝද රථයට රෝහල කරා යාමට අවස්ථාව සැලසුවද රෝහල කර රැගෙන එනවිටත්   එම කාන්තාව ත්‍රි රෝද රථය තුලම දරු ප්‍රසුතිය සිදුකර තිබුණි .වහාම ක්‍රියාත්මකවූ රෝහලේ භාහිර රෝගී අංශයේ වෛද්‍යවරු හා සේවිකාවන් දරුවාට  හා මවට  නිරුපද්‍රිතව අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
තමන්ගේ බඩ වියත වෙනුවෙන් අරගලයක නිරතවීම අසාධාරණ නොවුවද ගැබිණි මවකට මග අවුරමින් මෙසේ සුනඛයින් සේ හැසිරීම කොතෙක් නිවටකමක්දැයි ඊයේ දඹූල්ලේදී පැවැති විරෝධතාවයට එක්වූවන් හදුනාගත යුතුව ඇත.
මෙම විරෝධතාවය හේතුවෙන් පැය ගණනාවක් මහනුවර යාපනය මාර්ගය හා අඹේපුස්ස – ත්‍රීකුණාමලය මාර්ගයද අවහිරව තිබුණා. පසුව අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසුවයි විරෝධතාකරුවන් ඉවත්ව ගොස් තිබුණේ.

2 thoughts on “දඹුල්ලේ ජඩයන් මග අවුරද්දී ගැබිණි මවක් ත්‍රීරෝධ රථයක දරුවා බිහි කරලා

  • September 29, 2016 at 5:32 am
    Permalink

    ජනතා අරගල වලදි වෙබ් අඩවි මිට වඩා දුරදර්ශිව කටයුයුතු කල යුතුයි ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් නොමැති නිසා ඔවුන් පාරට බසි එහි අතුරු ප්‍රතිපලයක් ලෙස මෙවැනි සිදුවිම් සිදුවේ එහි වගකිම රජය බාර ගත යුතුයි මන්ද යත් ඔවුන් රට පාලනය කරන නිසා අනික වෙබ් අඩ්වී වල තොරතුරු කියවමින් ඔබ සමග සිටින්නේ සාමන්‍යය පොදු ජනතාවයි පොදු ජනතාවගේ අනුකුලතාවයක් නොමැති විට ඔබලාගේ පැවත්මක් නොමැති බව වටහාගත යුතුය.

    Reply
    • September 29, 2016 at 10:19 am
      Permalink

      සාධාරණ අරමුණු වෙනුවෙන් සටන් වැදීමේ අයිතියක් වැඩ කරන කිසිදු පාර්ශවයකට ඇතැයි අප නොකියන්නෙමු. එහෙත් සංස්කෘතිය සභ්‍යත්වය අතින් ඉහල යයි නිරන්තරයෙන් අදහස් පල කරන රටක තමන්ගේ බඩ වියත වෙනුවෙන් හෝ තමන්ගේ වාසිය වෙනුවෙන් ගැබිණි මවක් හා කිසිදු වරදක් නොකළ බිළිදකුගේ ජීවිතය අවධානමකට ලක් කරමින් පාරවල් අවහිර කරමින් කටයුතු කරන්නේ නම් එය අශිෂ්ට ක්‍රියාවක් ලෙස අප තරයේ හෙලා දකින්නෙමු. ශ්‍රී ලංකාව යනු මව්වරුන් මහ මග දරුවන් බිහිකළ රටක් නොවේ යයි ඔබද පිළිගන්නවා ඇත. ඉල්ලීම් දිනා ගැනීම සදහා වෘත්තීය අරගලයක නිරත වන්නේ නම් ඊට නිසි පිළිවෙලක් හා ක්‍රියාවලියක් ඇත. අප නියෝජනය කරන්නේ මහජනතාව මිස දේශපාලනඥයන් හෝ අසාධාරණ වෘත්තීය සමිති නොවන බවද අවධාරණය කරන්නෙමු. සරසවි ආචාර්්‍යවරුන් සියයට 6ක වෙන්කිරීමක් ඉල්ලමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා ඔබට මතක ඇත. ඒ රට මුල් කරගෙනය. එහෙත් මිනිස් ජීවිත බිල්ලට ගනිමින් පාරවල් වසා මෙසේ හැසිරෙන්නේ රට වෙනුවෙන්දැයි ඔබ හෘද සාක්ෂියෙන් විමසිය යුතුව ඇත.
      මෙහි ජඩයන් ලෙස හදුන්වා ඇත්තේ මෙම වෑයමට සම්බන්ධ සියල්ලන් නොව බීමත්ව පාර අවහිර කළ පිරිස පිළිබදය. ඔවුන් මෙම චෝදනාවන් යොමුකළ යුතු මැති ඇමතීන්ගේ රථවාහන වටලා ප්‍රශ්න ඉදිරිපත් කළේ නම් ප්‍රශ්නයක් නැත. එහෙත් ඔබ කියනා සාමාන්‍ය ජනතාව බව පවසන එහිවූ බීමත් පිරිස තමන්ගේම පන්තියේ මවක හා දරුවකු අපහසුතාවයට ලක් කිරීම කොතෙක් සදාචාරවත්ද ?

      Reply

ඔබගේ අදහස අපට කියන්න

Close