පාකිස්තානයේ ත්‍රස්ත කලාපයට ඉන්දියාවෙන් ගුවන් ප්‍රහාර

කාශ්මීරයේ පාකිස්තාන කලාපයේ පිහිටි ත්‍රස්ත ඉලක්ක කිහිපයකට අද ඉන්දීය ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
ඉන්දීය හමුදා ප්‍රධානීන් මාධ්‍ය වෙත සදහන් කළේ මෙම මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි.
එහිදී ත්‍රස්තවාදීන් සහ ඔවුන්ට සහාය දක්වන්නන් විශාල පිරිසක් මරණයට පත්ව ඇති බවයි ඉන්දියාව පවසන්නේ.
පසුගියදා ඉන්දියාවේ කාශ්මීර කලාපයේ පිහිටි කදවුරක් ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී හමුදා භටයින් 17 දෙනකු මිය ගියා.
කෙසේ වෙතත් ඊට ප්‍රතිප්‍රාරයක් ලෙස අද ඉන්දියාව සිදුකළ ප්‍රහාරය පාකිස්ථානය හෙලාදැක තිබෙනවා.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් පාකිස්තානය දැඩිව ක්‍රියාකරන බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close