ලසන්ත ඝාතනයේ පරීක්ෂණ නිමයි / හිටපු ප්‍රබලයකු අද හෙට අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් නිමා කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් පසුගිය රජයේ හිටපු ප්‍රබලයකුට එරෙහිව දැඩි චෝදනා පවතින බවයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව අදාළ ප්‍රබලයා ඉදිරි දින කිහිපය තුල පොලිස් අත්අඩංගුවට පත්වීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
මේ අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වන නඩු විභාගය අදත් විභාගයට ගැණුනා.
ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි.
එහිදී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකාර බුද්ධි අංශ සැරයන්වරයා ලබන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
විත්තීයේ නීතීඥවරුන් මෙහිදී ඇප ඉල්ලා සිටියද එයට එරෙහි වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close