ශ්‍රී ලංකා කාන්තා පිලට දේශීය තරග මදි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දේශීය තරග අවස්ථා ලබාදිය යුතු බව එම කන්ඩායමේ පුහුණුකරු ලංකාද සිල්වා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම ඔස්ටේ්‍රලියාව හමුවේ ලද පරාජය පිළිබදව අදහස් දක්වමින්. දේශ්ීය වශයෙන් වැඩි තරග අවස්ථා හිමි නොවූ අඩු අත්දැකීම් සහිතව ඔස්ටේ්‍රලියාව එංගලන්තය වැනි කාන්තා කන්ඩායම් සමග තරග කිරීම පහසු නොවන බවද ලංකා ද සිල්වා සදහන් කර තිබෙනවා. විශේෂයෙන්ම පිටියේ දස්කම් දක්වන කාන්තා කණ්ඩායම් වැඩි වශයෙන් හයේ හතරේ පහරවව් වෙනුවට එක් ලකුණ බැගින් රැස් කිරීමේ වෑයමක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හදුනාගත යුතුව ඇතැයිද පුහුනුකරු අවධාරණය කළා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close