සාර්ක් සමුළුව කල් යන ලකුණු

සාර්ක් සමුළුව සම්බන්ධයෙන් මේ වන විට අර්බුධකාරී තත්ත්වයක් හට ගෙන තිඛෙනවා.  සමුළුව පකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

එභෙත් ඊට සහභාගී නොවන බව ඉන්දියාව පසුගිය දා ප‍්‍රකාශ කළා.

බංගලිදේශය, භූතානය සහ ඇෆ්ඝනිස්ථානය ද සඳහන් කළේ සමුළුවට සහභාගී වීම අවිනිශ්චිත බවයි.

වත්මන් සභාපතීත්වය දරන නේපාලයට ද ඒ බව දැනුම් දෙන බවයි ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් සමුළුව අවලංගු විය හැකි බව නේපාල රජයේ ප‍්‍රධානියෙකු ප‍්‍රකාශ කළේ යැයි ද හින්දු පුවත්පත පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, සහ මාලදිවයින මේ සම්බන්ධයෙන් නිල අදහස් දැක්වීමක් සිදුකර නැහැ.

 

ඔබගේ අදහස අපට කියන්න

Close