විග්නේෂ්වරන්ගේ නැටුම දකුණේ කණ්ඩායම පදයට බව හෙළිවේ

උතුරු පළාත් මහ ඇමැති හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවට වැරදි ආකල්ප ජනිත කරමින් ගෙන යන ක්‍රියාකලාපය පිළිබඳව මෙරට තානාපති අංශ දැනුවත් කිරීමට රජය තීරණය කර තිඛෙනවා.
රජය උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ තුළ ජීවත් වන ජනතාවගේ නිවාස, අධ්‍යාපන ආදී පහසුකම් යළි ගොඩනැංවීම වෙනුවෙන් දැවැන්ත වැඩපිලිවෙලක් ඉටු කරමින් පවතිද්දී උතුරු පළාත් මහ ඇමැතිවරයා ක්‍රියාකරන ආකාරයෙන් දකුණේ අන්තවාදීන්ට විශාල උත්තේජනයක් ලැබෙන බවට රජයේ උපදේශකයන් දුන් උපදෙස් අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ වන විට විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ද සහභාගි කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට රජය ක්‍රියා කරද්දී උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිඛෙනවා.
ඒ අනුව ඉදිරියේදී දෙමල සන්ධානය විසින්ද ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.
උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ දේශපාලන න්‍යාය පත්‍රය දකුණේ ජාතිවාදී කණ්ඩායමක අවශ්‍යතාවය සහ මෙහෙයවීම මත සිදුවන බවද මේ වන විට හෙළිව තිඛෙනවා.
ඒ සම්බන්ධයෙන්ද තානාපති අංශ දැනුවත් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න