ඉන්දු – පකිස්ථාන අර්බුධයෙන් සාර්ක් සමුළුව අවලංගු කෙරේ

රටවල් හතරක්‌ සහභාගි වීම ප්‍රතික්‌ෂේප කිරීම නිසා නොවැම්බර් මස පාකිස්‌තානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාක්‌ සමුළුව නිල වශයෙන් අවලංගු වී තිඛෙනවා.

සම්ප්‍රදායට අනුව එක් රටක් හෝ සහභාගීවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සැසිවාරය අවලංගු වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.

ඉන්දියාව, භූතානය, ඇෆ්ගනිස්ථානය සහ බංගලිදේශය යන රටවල් සාක්‌ සමුළුවට සහභාගි නොවන බව මේ වන විටත් දැනුම් දී තිඛෙනවා.

එම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ තීරණයද පැහැදිලි බවයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු ලංකා ඒ නිවුස් වෙත කියා සිටියේ.

ඉන්දියාව සහ පාකිස්‌තානය අතර ඇතිවී තිබෙන අර්බුදයද සාර්ක්‌ සමුළුව අවලංගු වීමට බලපා ඇති හේතුවක්‌ බව ද හින්දු  පුවත්පතද වාර්තා කළා.

මේ අතර සාර්ක් සභාපති ධූරය දරන නේපාලයද සාක්‌ සමුළුවට සහභාගි නොවන බවට තීරණයක්‌ ගන්නා බව සඳහන් කර ඇතැයි හින්දු පුවත්පත වාර්තා කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close