ලෝක වෙළදපලේ වැඩි වුණාට තෙල් මිල වැඩි කිරීමක් නෑ / සංස්ථාව කියයි

වසර 8 කට පසුව ලෝක තෙල් මිල සියයට 6කින් ඉහළ ගොස්‌ තිඛෙනවා.

ඔපෙක්‌ සංවිධානයේ නියෝජිතයන් ඇල්ජිරියාවේදී හමුවී ගත් තීරණයක්‌ අනුව තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 48 දක්වා ඉහල ගොස් ඇති බවයි වෙළදපල වාර්තා පවසන්නේ.

දිනකට නිකුත් කරන තෙල් බැරල් ප්‍රමාණය අඩු කිරීමට ඔපෙක්‌ රටවල් ගත් තීරණය අනුව වසර අටකට පසුව තෙල් මිල මෙසේ වර්ධනය වී තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඛනිජ තෙල් සංස්ථ්වේ සභාපතිවරයා කියා සිටියේ තෙල් මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමාත්‍යවරයා සමග සාකච්ජා කරන බවයි.

එහෙත් තෙල් මිල ගණන් ඉහල නැංවීමක් සිදු නොවනු ඇති බවටද ඔහු විශ්වාසය පල කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close