හිලරි ක්ලින්ටන් විවාදයේදී වංචා කරලා ?

අමෙරිකානු ජනපතිවරණයට අදාළව ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර පැවැති පමු ප්‍රසිද්ධ විවාදයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වංචනික ක්‍රියාවක් සිදුකර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය චෝදනා නගනවා.
විවාදය අවස්ථාවේ වීඩියෝවක් උපුටා දක්වමින් එම වාර්තා පවසන්නේ ක්ලින්ටන් මහත්මිය එහිදී රහසිගත ශ්‍රවන උපකරණයක් පැළද සිට ඇති බවයි.
ඇයට එල්ලවන ප්‍රශ්න සදහා කිසිවකු විසින් ලබා දෙන ක්ෂණික පිළිතුරු ඇය විසින් එයින් අසා ගනිමින් සභාවට ඉදිරිපත් කළ බවටයි චෝදනා එල්ලවන්නේ.
මෙහිදී ක්ලින්ටන් මහත්මිය සිය කෝට් ආවරණය තුල යම් තාක්ෂණික උපකරණයක් සගවාගෙන සිට ඇති අතර එයින් වයර කිහිපයක් පිටතට දිස්වූ බවටද මෙම චෝදනාවල සදහන්.
මෙම විවාදය හිලරි ක්ලින්ටන් මහත්මිය ජගත් බවට බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණා. මේ එම සැක සහිත අවස්ථාවේ වීඩියෝවයි.

 

ඔබගේ අදහස අපට කියන්න

Close