රජයේ ප්‍රබලයෙක් ළගදීම ජාත්‍යන්තරයේ මුල් පුටුවකට ?

රජයේ ප්‍රධාන අමාත්‍යධූරයක් දරන දේශපාලන ලෝකයේ ප්‍රබල චරිතයක් ඉදිරියේදී ජාත්‍යන්තර සංවිධානයක ප්‍රබල දූරයක් සදහා පත්වීමේ සූදානමකින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ මෙම අමාත්‍යවරයාට ඒ සදහා ඉහල සුදුසුකම් පවතින බව දේශීයව හා අන්තර්ජාතික වශයෙන්ද ප්‍රකාශ වී ඇති බවයි.
1994 වසරේ සන්ධාන රජයක් බිහි කිරීමට මෙන්ම 2015 වසරේ ජනාධිපතිවරණය හා මහ මැතිවරන ජය පිටුපස සිටි දැවැන්තම චරිතයක් වන මෙම අමාත්‍යවරයා 2020 වසරේදී මෙම ජාත්‍යන්තර තනතුරට හිමිකම් කියනු ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් ඔහු දේශීය දේශපාලනයෙන් ඉවත් වුවහොත් එහි දැඩි බලපෑමක් රජය පාර්ශවයට එල්ලවනු ඇති බවද සදහන්.
දැනට මෙම අමාත්‍යවරයා දැන තනතුරද ඔහු අපේක්ෂා කරන ජාත්‍යන්තර තනතුර ලබා ගැනීමට වඩාත් පහසුවක් බවට පත්වෙමින් පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න