දරුවන් වෙනුවෙන් දියුණු රටක් හදමු – ජේ සී ඉල්ලයි

ලෝක ළමා දිනය වෙනුවෙන් රටේ දරුවන්ට ලබාදිය හැකි ඉහලම තෑග්ග ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ සංවර්ධිත රටක් අනාගත පරපුරට උරුම කරදීම බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින්.
රටක් වැඩිහිටි පරපුර රට වැරදි පාරක රැගෙන යන්නේ නම් එයින් දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දන්නේ.
රටේ අනාගතයට හානි වන කවරක් හෝ දරුවන්ට සිදුකරන අසාධාරණයක් බැවින් රට නිවැරදි මාවතක ගෙන යමින් සංවර්ධිත රටක් බිහි කිරීම රජයේ අරමුණ බවද අලවතුවල මහතා සදහන් කර තිඛෙනවා.
දරුවන් හිංසනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට සුබවාදී ළමා ජීවිතයක් උරුම කරදීම රටේ වැඩිහිටි ජනතාවගේ යුතුකමයි.
එමගින් අනාගත පරපුර වඩාත් සුබවාදී අකල්ප සහිත ධනාත්මක ප්‍රජාවක් වනු ඇති බවද ජේ සී අලවතුවල මහතා නිකුත් කළ නිවේදනයේ සදහන්.
දරුවන් සමග කටයුතු කිරීමේදී ලමුන්ට ගැලපෙන මානසිකත්වයකින් කටයුතු කරමින් මෙරට දරු පරපුර ආරක්ෂා කිරීමට කැපවන ලෙසද මන්ත්‍රීවරයා සියලු දෙනාගෙන් ඉල්ලීමක් සිදුකර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close