නාමල්ගේ කළු ලෝගුව ගැලවෙන ලකුණු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට නීතිඥවරයකු ලෙස කටයුතු කළත් නුදුරේම එම අවස්ථාව ඔහුට අහිමි වන ලකුණු පහළ වී ඇතැයි දැනගන්නට ලැබේ.

විශේෂයෙන්ම ඔහුට හා ඔහුගේ පවුලේ පිරිසට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වීමක දී අවස්ථා කිහිපයක දී අධිකරණයට අපහාසාත්මක වන ලෙස කරුණු දක්වා ඇතැයි අනාවරණය වී ඇති තොරතුරු මත නීතිඥවරු කණ්ඩායමක් මෙම පැමිණිල්ල අධිකරණය හමුවට ගෙන යාම සඳහා මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ දී එම විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙන් ද අක්‍රමිකතාවක් වූ බවට චෝදනා එල්ල වූ අතර එවකට නීති විද්‍යාලයේ සමකාලීන ශිෂ්‍යයකු වූ තුෂාර ජයරත්න මහතා මේ සම්බන්ධයෙන් ඍජුව චෝදනා කළේ නාමල් රාජපක්ෂ මහතාට විභාග ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීම වෙනුවෙන් වායු සමීකරණය කළ වෙනම කාමරයක් ලබා දී තිබූ බවත් එවකට නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ඊට සහයෝගය දැක්වූ බවත්ය. මෙම චෝදනා නිසා රාජපක්ෂවරුන්ගෙන් එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ඔහුට විදේශගතව සිටීමට සිදු විය.එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට එල්ල වී ඇති මූල්‍ය විශුද්ධිකරණ චෝදනා සනාථ වුවහොත් ඔහුට වසර ගණනාවක සිර දඬුවම් නියම වීමේ අවදානමක් ද මතුව තිබෙන බව නීතිවේදීන් පෙන්වා දෙයි.

එමෙන්ම මෙම චෝදනා අනුව නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි වීමේ ඉඩකඩක් ද තිබෙන බවත් ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි.(Sathhanda)

ඔබගේ අදහස අපට කියන්න

Close