පසුගිය රජය සමයේ සදහිරු සෑයට ගෙනා රත්රන් අතුරුදන්

පසුගිය රජය යටතේ විශාල වියදමක් දරමින් ඉදිකරනු ලැබූ  සඳ හිරු සෑය චෛත්‍ය ව්‍යාපෘතියේ දී සිදු වූ රත්තරන් කිලෝග්‍රෑම් විශාල ප්‍රමාණයක වංචාවක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

විශ්‍රාමික අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා නාවික හමුදාපති ධුරය දැරූ අවස්ථාවේ දී නීති විරෝධීව රත්තරන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එහි තිබූ රත්තරන් පළමුව නාවික හමුදාව භාරයට සහ ඉන් පසුව රේගු භාරයට පමුණුවනු ලැබීය. සඳ හිරු සෑයේ නිධන් වස්තු සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබෙන

නියෝගයකට අනුව එම රත්තරන් තොගය යළි නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර එය වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් ඇත. ඉන් පසු සඳ හිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා නාවික හමුදාව රත්තරන් කිලෝග්‍රෑම් 08ක පමණ ප්‍රමාණයක් ලබා දී ඇති නමුත් ඉතුරු රත්තරන් කිලෝග්‍රෑම් විශාල සංඛ්‍යාවක් අතුරුදන් විය. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 40 ක පමණ ප්‍රමාණයක් යැයි ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ කාරණය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර හිටපු නාවික හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක් මේ වන විටත් සටහන් කරගෙන ඇති බව සඳහන් වේ. නමුත් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. අදාළ වංචාව පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරයි.

– නිලන්ත ඉලංගමුව (sathhanda)

ඔබගේ අදහස අපට කියන්න

Close