රහස් සාකච්ජාවක තොරතුරු ජනපතිට

මෙරටට පැමිණි ජාත්‍යන්තර දුම්කොල සමාගමේ ප්‍රධානියා රජයේ දේශපාලන හා සෞඛ්‍ය බලධාරීන් රැසක් රහසිගතව මුණ ගැසී ඇති බව අනාවරණ වී තිඛෙනවා. මේ සම්බන්ධයෙන් තමන් සියලු තොරතුරු සොයාගත් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ. අධික ලෙස දුම්වැටි සදහා බදු පැනවීමට වඩා දුම්වැටි පානය තහනම් කරන ලෙස මුදල් අමාත්‍යවරයා මෙහිදී යෝජනා කර තිඛෙනවා. එහිදී ජනාධිපතිවරයාද පවසා ඇත්තේ දුම්වැටි වලින් ජනතාව ඛේරා ගැනීම තමන්ගේද අරමුණ බවයි. දුම්වැටි බදු වැඩිකිරීමට එරෙහි බලවේගය ගැන තමන් හොදින්ම දන්නා බව පැවසූ ජනාධිපතිවරයා එවන් පිරිස්වලට ඉඩ ලබා නොදෙන බවද අවධාරණය කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close